Wednesday, January 8, 2014

දීප්තිගෙ "ලපයට" මගෙන් "පලතුරු" හෙවත් අවිඤනික දිප්තිව දැකීම

http://dayal-bathee.blogspot.com/2014/01/blog-post.html මෙතන දාල තියන ලිපිය කියවලා ආවනම්, මගෙ පෝස්ටුව තේරෙයි

ඔය දීප්තිගෙ ලිපිය මම කියෙව්ව ත්‍රිමාන එකේ, දීප්ති හිතාන ඉන්නෙ එයාට හිතෙන දෙවලුයි ජිජැක් කියන ඒවයි විතරයි මේ ලෝකෙ වෙන්න පුලුවන් දේවල් කියල. "අවිඥාණක", "සවිඥාණක" වගෙ වචන නැති ලිපියක් තියනවද බලන්න දීප්තිගෙ. අර මැක්ක ගැන ඉගෙන ගත්ත කොල්ල වගෙ ඒකම දදා ඉන්නවා.
ඔය ලිපියේ කියන අයත් ඉන්නවා, එහෙම නොවන අයත්, තව වෙන වෙන අයත් ඉන්නවා.

/*ඒ රටවල ගතින් ජීවත් වූවාට මනසින් ජීවත් වන්නේ ලාංකිකයන් විදිහටයි. */
ඔව් මෙක ඇත්ත, අපි අවුරුදු විස්සක් විතර ජීවත් වෙලා, ඇඟට කාවැදිච්ච එකක් එක. සමහර විට දීප්ති ඔසී හරි යූඑස් හරි ඇවිත් කඩදාසියෙන් පිහදාගන්න හිතාන හිටියට අපි පුලුවන් වෙලාවට වතුර යූස් කරනවා, මොකද ඒක තමයි පුරුදු හින්ද. අතින් කනව මොකද පුරුදු හින්දා. අපෙ එකෙක් මුන ගැහුනොත් මචන් කියනවා. හබැයි එහෙම කියන්නෙ කරන්න දීප්තිගෙ මනෝ විකාර ජාති ආලෙට නෙවෙයි, ඒ අපි පුරුදු විදිය හින්ද. හැබැයි අපි හැන්දෙන් කාල පාරෙදි අපෙ එකෙක් දැක්කාම හේ මෑන්, වට්ස් අප් කිව්වොත් මුන්ම තමයි කියන්නෙ අරුන් "විඥාණකව" සුද්දො වෙල හැබයි ලංකාවෙ ඉන්නකොට කෑවෙ කොස් කියල. 

/*මේ නිසා මේ රටවල ඉන්න සිංහල බෞද්ධ අය එකතු වෙලා ශ්‍රි ලාංකිකයන් ගේ සංගම් හදාගෙන තියෙනව*/
සංගම් හදාගෙන තියනව, ඔව්, මොකද එකෙන් වෙන්නෙ එක කොන්ටෙක්ට්ස් එකකට අදාල මිනිසුන් සමූහයක් එකට ගොනු වීම, මොකද තමන්ට හුරුපුරුදු දෙවල් නිසා, සමහර විට ලකෑන් හරි ජිජැක් හරි දීප්තිට කියල නැතුව ඇති, මිනිස්සු කියන්නෙ ස්භාවයෙන්ම ඒකරාශි එව්න්න කමති ජාතියක්, ඒක ගෝත්‍රික යුගයෙ සිට ආරක්ශාවට පවැත්මට කරල ජාන වලින් එන එකක්. දීප්තිගෙ x එක හදා ගත්තෙ ඇයි, ල'න්කාවෙ ඉස්කෝලවල වෙන වෙනම සංගම් හදාගෙන තියෙන්නෙ ඇයි? දැන් දීප්ති කියන්නෙ අපි රට ඉන්න හින්ද අවුරුද්ද සමරන්න එපා කියලද? අපිට ඒ වෙනුවෙන් උත්සවයක් කරන්න එපා කියලද. අපි ඒවා නොකර මොනවා කරන්න කියලද දීප්ති කියන්නෙ, නැශනල් හොලිඩය් එකේ මියාමි බීච් එකේ අව්ව තපින්නද? එහෙම නැත්නම් අර ඔයාගෙයි නිර්මාල්ගෙයි නොකෙරන විවාදෙ වගෙ ගොන් ආතල් ගන්න කියලද (වාදෙ නතත් මොනව උනත් නියම ඩබල එක නගුලෙ බඳින්න ).

/*මේ සිංහල අය මොනවද මේ විදිහට පිටරට වෙලා කරන්නේ. උදේ ඉදන් රෑවෙනකම් සල්ලි හම්බ කරන්න වහල්ලු විදහට වැඩ කරන එක විතරයි.*/
එක්කො දීප්ති දන්නෙ මැද පෙරදිග මේඩ්ස්ල යන එක ගන විතරයි, එතකොට දීප්තිම කියන මහාචාර්ය ගුණපාල මහතාත් එහෙමද? එතකොට දීප්ති ගෙ (ඉල්ල ගත්තා තියරි අනුව දීප්තිගෙ කාතවෙම ඇතුලෙන් පරස්පරයක් නේද? කුහක කමට කියනවා වෙන්න බෑ, ඒත් ඉරිසියාව කියන්නෙ හොඳ කරන්න බැරි ලෙඩක් දීප්ති.

/*මේ වගේ අය ගෙවල් හදන්න තෝර ගන්නේ විශේෂයෙන්ම නුවර වගේ පාළාත්*/
දීප්ති කොහෙන්ද මේක මෙහෙම කියන්න ස්ටැටිස්ටික්ස් හොයා ගත්තෙ? දැන් නුවර පිරිල ඇති නේද පිටරට ඉඳන් ආපු උන්ගෙන්?

/*හැබැයි මේ අය දන්නව දැන් ලංකාව හරිම අප්සට් රටක් ජීවත් වෙන්න සුදුසු නැහැ කියලා. ඒ නිසා මේ අය හිතන් ඉන්නේ කවදා හරි දවසක මේ රට ඉර්දි ප්‍රාතිහාර්යකින් මනුෂ්‍යවාසයට සුදුසු රටක් විදිහට හැදුන දවසක තමන් හම්බ කරපු සල්ලි ගෝනි පිටින් ගෙනත් කරදයක් නැතිව ජීවත්  වෙන්නයි.
*/
ඔව්, නීතිය බල්ලට ගිහින්, කස්සිප්පු කාරයෝ මන්ත්‍රීල, ඇමතිල වෙන්න පුලුවන් රටක් හොඳයි කියල කියන්නද කියන්නෙ. හැබයි අපි රටට කෙලවන්නෙ නැන්, උඹලට වාහනෙ යන්න පෙට්‍රල් ටික ඉම්පොර්ට් කරන්න, ගෙදරට ඕන වොශින් මැශින් එක ඉම්පෝර්ට් කරන්න ඕන විදෙශ විනිමයෙන් සුලු කොටසක් හරි අපි රටට එවපු සල්ලිවලින්, අර අපහාස කරපු අරාබියෙ දුක් විඳපු මිනිසුන්ගෙන් ලබුනෙ. අපි දීප්තිල වගෙ ප්‍රාතිහාර්ය විස්වාස කරන්නෙ නති හින්ද තමයි අපෙ හැකියාව අනුව මෙහෙම ඇවිත් ඉන්නෙ, නැත්නම් ඉති සදාතනික (නොවෙන ) වමක් ගැන හිතනවා වගෙ කවද හරි හරි යයි කියල ලැගගෙන ඉන්න තිබ්බ.
ලමයි ගැන කියල තියන ටිකෙන් නම් දීප්තිගෙ නොදැනුවත්කම පේනවා, මම හිතන්නෙ ලැකාන්ගෙ අල්ලපු ගෙදර එකාද කොහෙද කියල තිබ්බ කට ඇරියොත් මෝඩයා නසිති කියල.

දීප්ති ට "දීප්ති" කියල නම දැම්මෙ උපදින කොට ලොකු අනන්‍යතා (ජෙන්ඩර් එකේ ) අර්බුදයක් තිබ්බද? මම දන්න කෙල්ලෙක් හිටිය දීප්ති කියල. ඉස්සර දූදරුවෝ නාට්ටියෙත් හිටියා දීප්ති කියල චරිතයක්, කෙල්ලෙක්.
සරලව මම මේක ලිව්වෙ, දීප්තිගෙ ලිපිය තනිකරම මෝඩ ඉරිසියාකාර, කරුනු හරියට නොදැන, කරන නොකරන හැම මිනිහටම දෙකෙ කොලේට දාල ලියපු එකක් නිසා. මම ත්‍රිමාන එකෙ රිප්ලයි කෙරුවෙ නැත්තෙ, උන් උන්ට කැමති කොමෙන්ට්ස් විතරයි දාන්නෙ, නැත්නම් අම්මො නැතිව කෑගහනවා මෙන්න අහවලෙක්ගෙ එකෙක් කොමෙන්ට් දානවා කියල. මීට වැඩිය හොඳට දීප්තිගෙ දර්ශණය(?) සහ වොකැබ්ලරි එක යුස් කරල දෙශපාලන ලිපියක් වත් ලිව්වනම් මීට වඩා ප්‍රොයෝජනවත් වෙන්න තිබ්බ, මොකද හිනා වීම කාගෙත් සෞඛයට හිතකර නිසා.

- මීට, දීප්ති ලැකෑන්ගෙන් ඉගෙන ගන්නකාලෙ සූප්පුව කටේ ගහගෙන දන ගාපු හිච්චෙක් හෙවත් පසුගාමී ගෝත්‍රිකයා.

ප.ලි. ආණ්ඩුවෙ කන්තොරුවෙ වඩ කරන අපේ රාජ් සහෝදරය වමේ තියරි පොරවල්ගෙ රෙදි ගලෝල තිබ්බ, ලින්ක් එක හොයල දාන්නම් පස්සෙ.


ප.ලි2. දයාල්, මට ඔබ ගැනද නත්නම් මට මම ගැනමද කණගාටු වෙන්න ඕනෙ කියල තේරෙන්නෙ නෑ, මොකද මම ඔබ ගැන යම් මිම්මක් ඇති කරගෙන හිටිය නිසා.

2 comments:

  1. ප.ගෝ මොකද වැඩිය නොලියන්නෙ? අපි සපෝට් එක දෙන්නං ලියන්න.

    වෙරිෆිකේෂන් එපා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිරි ගැම්මට, අපි ඉතින් කොමෙන්ට් කරුවොනේ, බලමු හිමින් මොනව හරි ලියල දාන්න.

      වෙරිෆිකේශන් එක නොදැන දාල තිබ්බෙ, අයින් කරා.

      ප.ගෝ.

      Delete