Monday, February 10, 2014

ෆොන්සේකා.....

/*ෆොන්සේකා සතුටුදායක වේගයකින් පරිනාමය වෙනවා*/

මම නම් දකින්නෙ නෑ ඒ වගෙ වෙනසක් ෆොන්සේකාගෙන්.

අපි ඇත්ත කතා කරොත්, මේ රටෙ බහුතර චන්ද දායකින් නම්ම ගන්න නම් ඒකට කලාවක් තියනවා, මහින්ද ඒක හොඳට ප්‍රගුණ කරල තියෙන්නෙ, ඒ අතින් ෆොන්සේකා, රනිල් තියා අනුරටවත් හරෙන්නවත් බෑ මහින්දත් එක්ක.

නමුත් අවංකව රටක් ඉදිරියට ගෙන යෑමෙ අරමුණක් ඇති  දෙශපාලනයක් ගැන කතා කොරොත්, ඒත් ෆොන්සේක ඉන්නෙ අනිත් පැත්තෙ, මහින්ද කොමිස් කකාහරි යමක් කරනවා.

ෆොන්සේක ගන බලාපොරොත්තුවක් තියා ගන්න නම්, අඩුම ගානෙ එයා ඔය ගෝටටයි මහින්දටයි තියන පලිගනීම ගැන හිතන්නෙ නැතුව බලයට එන්න වැඩපිලිවෙලක් ඇති කරගන්න ඕනෙ. දැනටනම් එස්.එෆ්. කියන්නෙ කූඩුවක් ඇතුලෙ ඉඳන් කෑගහන එකෙක් වගෙ, අර සමහර චන්ඩි ඉන්නෙ, හිටපන් මම ආවොත් දෙන්නම් බැටෙ කිය කිය ඉන්නව, හැබැයි එලියට එන විදියක් හිතන්නෙ නෑ.

ප.ගෝ.


later added..

/*
පොනීව ලඟින් දන්නා කියන කෙනෙක් හැටියට (ඔහුගේ පාක්ෂිකයෙක් නෙවෙයි මම) මට ඒ වෙනස හොඳින් දැනෙනවා. මා ඔහු යටතේ සේවය කළා. ඒ නිසා ඒ වෙනස හොඳින් පෙනෙනවා. ඔහු ළඟ ඉන්න අයත් ඒ බව මට කියලා තියනවා. ඔහු වර්ධනය කරගතයුතු තව බොහොමයක් දේ ඇති බව මම පිලිගන්නවා. ඇත්තටම ඔහු හොඳ සාධාරණ දේශපාලනඥයකු බවට පත්කලහැක්කේ පරිනත දේශපාලනඥයන් ඔහුට එකතුවූ තරමටයි.

-විචාරක මහතා
*/

වෙන්න පුලුවන්, ෆොන්සේකා දැන් ටිකක් තේරුන් අරන් ඇති හමුදාවෙ වගෙ ලෝ ඇන්ඩ් ඕඩර්ස් වලට දේශපාලනේදි වෑඩ කරන්න බෑ කියල. නමුත් මම මතු කරන්නෙ ඔහු දේශපාලන ගමනක් යන්න තාම වෙනස් වෙලා නෑ, ඔහු තාමත් ගොටාගෙන් මහින්දගෙන් පලිගන්න සිතුවිල්ල ඇර දැනෙන දේශපාලන දැක්මක් පෙන්නල නෑ. ගොටාගෙ ටයි එකයි, කාණු දිගෙ ඇදන් යන එකෙ ඉඳන් ලඟදි ප්‍රබාකරන්ගෙ මයිල් සමාන කිරීමෙන් පවා ඔහු පෙන්නුවෙ තාමත් ඔහු ඔහු මයි කියන එක.

ජනතාවට තුන් වේල කන්න නෑ කියන එක හෝ රජා හොරකන් කරනවා කියන එක කිය කිය යන එක දෙශපාලනව පරිනත වීමක් නෙවෙ. ඒ අතින් රන්ජන් ඔයිට වඩා දෙවල් කරා (වැඩක් නැති උනත් ).

සරලවම ෆොන්සේක තාමත් තෙරුම් අරන් නැත්තෙ, එයාව පොශිසන් කරන්න ඕනෙ කොතනටද කියල. මොකද සරල සිල්ලර ටෝක්ස් වලට සෙට් වෙච්ච උන් ටික කොහොමත් දීපු අයටම ආයි දෙනවා. කැපුවත් ඒ ඒ පාට තියන උන් කොහොමත් ඒ ඒ පාටවල් වලට. එතකොට එස්.එෆ්. ට ඉතුරු වෙන්නෙ, තාමත් එස්.එෆ්. වීරය වෙච්ච සෙට් එක සහ මොලෙ කල්පනාකරල චන්දෙ දෙන එත් අරුන් ඔක්කොම එපා වෙච්ච සෙට් එක. අන්න ඒ සෙට් එකටත් දැනෙන්න කතාකරොත් ෆොන්සේකාට දීර්ඝ කාලින පැවැත්මක් තියේවි. අර මුලින් ජෙප්පො නැග්ගෙ (හැබැයි උන් වැටුනෙත් ආසන හතලිස් ගාණක් ගත්ත චූන් එක දරා ගන්න බැරිව ). නැත්නම් ඉතින් ඔය විදියට තව ටික කාලයක් අල්ලන් ඉඳල එක්කො පැන්ශන් යන්න පුලුවන් වික්‍රමභාහු වගෙ, නැත්නම් ඉතින් දෑත් ශක්තිමත් කරන්න වෙයි කාගෙ හරි.

ප.ගෝ.