Tuesday, January 28, 2014

ඔහු තම මවුබිමට යුතුකම ඉටුකිරීමට නම්...

හන්දියෙ කඩෙ පත්තර කෑල්ලෙ සෙට් වෙන අපතයෝ සෙට් එකනම් මහ කුජීත සෙට් එකක්, උන් කිව්වොත් කියන්නෙ මහ පඟර නැටි කතාමයි, යකෝ අර මවුබිට යුතුකම් කරපු හාදයා මරෙන්න වැටිල ඉන්නව, මුන් මෙහෙ බලු කතා කියනවා,

එකෙක් කියනවා, යකෝ සියාතුවට මොලේ තිබ්බ ඔය හුන්නස්ගලයට වැඩිය, බලපන් උට වී ටික විකුන ගන්න බැරිව, ගත්ත නය වලට පොලිය උගෙ පස්සෙන් පන්නනකොට, ලමයින්ට කන්න නැති උනාම ඌ ඩී.සී.ඩී. කිරි පැකට් දෙකක් ණයට අරන් බීල මලා. අන්න මැරෙන්න ඕනෙ මිනිස්සු මැරෙන හැටි, මුට පෙත්තක් බී ගන්න බෑනෙ හරියට යුතුකම ඉටු කරන්න.


එක තව කමක් නෑ කියපන්, අර ප්‍රෙමගෙ කෙල්ල එල්ලිල මැරුනෙ, මොන පෙතිද?

ඇයි බන් ප්‍රෙමගෙ කෙල්ල මලේ?

ඇයි බන් ෆැක්ටරියෙන් වැඩ අරිල එනකොට අර සභපතිය කෙල්ලව උස්සන් ගිහින් අනාත කරලනෙ, අරූට නැතිඋනාට කෙල්ලට ආත්ම ගරුත්තයක් තියේනෙ බන්, පව් කෙල්ල. සභාපතියනම් මේ පාරත් ඉල්ලන්න ටිකට් එක හම්බ වෙලා.

හරි ඒක නෙවේ බන්, දැන් මූ ආමි එකෙ අයින් වෙලා තියෙන්නෙ කොයි කාලෙද?

හුකෑ, හුන්නස්ගලය කොහෙද බන් ආමි එකෙ හිටියෙ?

එහෙනම් මෙ මූ කියන්නෙ මව්බිමට යුතුකම් ඉටුකලේය කියල.

ඕකනෙ කියන්නෙ, දන්න ඉටිගෙඩියක් කියන්න එපෑ, යකෝ තව කොච්චරැ විදි තියනවද යුතුකන් ඉස්ට කොරන ක්‍රම, ඇයි බන් අපිත් ඒදවස්වල නොකා නොබී පටි තදකරෙගෙන හිටියෙ බඩු ගණන් ගියත්.

ඒක වෙන්න බෑනෙ බන්, යුද්දෙ ඉවරයිනෙ, අපෙ පටි තාම එහෙමමයිනෙ.

ඒක තමයි මම කියන්නෙ, අපි තාම යුතුකන් ඉටුකරල ඉවර නැති හින්දනෙ බන් අපෙ පටි තාම තද, හුන්නස්ගලය යුතුකන් ඉටුකරල ඉවරවෙලා හින්ද ඌ පටිය ගලෝලා

කොහෙදිද, සලාකා එකෙදිද?

හරි හරි බන් දැන් ඕක ඇති, අබිලියො බලපන් අනිත් පිටුවෙ නිව්ස් එක මොකක්ද කියල,

තවත් මුන්ගෙ මේ අපත කතා අහගෙන කාලෙ කන්නෙ මොටෑ කිය මාත් මුන් ඊලඟ නිව්ස් එක කියෝගන්න බැරිනම් මලෝ ගනින් කියල මාරුවෙන්න හිතුවා විතරය, නෙදක්කිංග්, අහ්ලාදජකන කුනුහරුප වරුසාවකින් කන් පීරිල ඉතිරිලා වැක්කෙරෙද්දි ලාවට ඇහුනා නිකන්, "ගුවන් යානයක්", "සිංගප්පුරූවට", "ගෙන්න ගෙන" වගෙ කිසිම ගැලපීමක් නැති වචන සෙට් එකකුත්, කවුද දන්නෙ මුන් මොනා කියවනවද කියල. අනෙ මොකෝ මගෙ කියල මම ආව මෙයාල

4 comments:

  1. මවුබිමට යුතුකම් ඉටුකරා කියන්නෙ වෙන අර්ථයකින් වෙන්න බැරිද? මව් කුසෙන් තමයි අපි එලියට එන්නෙ..එලියට ආපු හැටියෙම අපි වැටෙන්නෙ ඉස්පිරිතාල ඇදකට..මූ ඉස්පිරිතාලෙට ඇඳක් වත් අරන් දුන්නවත්ද?

    ReplyDelete
  2. උඹ ඔය එක එක උන් එක්ක කතාවට ගිහින් මොළේ නරක් කර ගන්නේ නැතිව.. ගෙදරට වෙලා හිටහන්...

    ReplyDelete
  3. අනේ ඇත්තට ඒකවත් හරියට කරගන්න බැරි එකෙක්.

    ReplyDelete
  4. සිංගපුරූව,,ගුවන් යානයක්...මට මතක නැහැ...ඕවා තමයි ඉතින් අන්තිමට.

    උඹ හුන්නස්ගලයා කිව්වේ අර හුතුගල්ලයාටම වෙන්නැති නේද. මගේ කීබෝඩ් එකේ අර එලු ලුයන්න ගැහුවාම වදින්නේ තුයන්න. සමාවෙයන්.

    ReplyDelete