/*ෆොන්සේකා සතුටුදායක වේගයකින් පරිනාමය වෙනවා*/
මම නම් දකින්නෙ නෑ ඒ වගෙ වෙනසක් ෆොන්සේකාගෙන්.
අපි ඇත්ත කතා කරොත්, මේ රටෙ බහුතර චන්ද දායකින් නම්ම ගන්න නම් ඒකට කලාවක් තියනවා, මහින්ද ඒක හොඳට ප්‍රගුණ කරල තියෙන්නෙ, ඒ අතින් ෆොන්සේකා, රනිල් තියා අනුරටවත් හරෙන්නවත් බෑ මහින්දත් එක්ක.
නමුත් අවංකව රටක් ඉදිරියට ගෙන යෑමෙ අරමුණක් ඇති දෙශපාලනයක් ගැන කතා කොරොත්, ඒත් ෆොන්සේක ඉන්නෙ අනිත් පැත්තෙ, මහින්ද කොමිස් කකාහරි යමක් කරනවා.
ෆොන්සේක ගන බලාපොරොත්තුවක් තියා ගන්න නම්, අඩුම ගානෙ එයා ඔය ගෝටටයි මහින්දටයි තියන පලිගනීම ගැන හිතන්නෙ නැතුව බලයට එන්න වැඩපිලිවෙලක් ඇති කරගන්න ඕනෙ. දැනටනම් එස්.එෆ්. කියන්නෙ කූඩුවක් ඇතුලෙ ඉඳන් කෑගහන එකෙක් වගෙ, අර සමහර චන්ඩි ඉන්නෙ, හිටපන් මම ආවොත් දෙන්නම් බැටෙ කිය කිය ඉන්නව, හැබැයි එලියට එන විදියක් හිතන්නෙ නෑ.
ප.ගෝ.
later added..
/*
පොනීව ලඟින් දන්නා කියන කෙනෙක් හැටියට (ඔහුගේ පාක්ෂිකයෙක් නෙවෙයි මම) මට ඒ වෙනස හොඳින් දැනෙනවා. මා ඔහු යටතේ සේවය කළා. ඒ නිසා ඒ වෙනස හොඳින් පෙනෙනවා. ඔහු ළඟ ඉන්න අයත් ඒ බව මට කියලා තියනවා. ඔහු වර්ධනය කරගතයුතු තව බොහොමයක් දේ ඇති බව මම පිලිගන්නවා. ඇත්තටම ඔහු හොඳ සාධාරණ දේශපාලනඥයකු බවට පත්කලහැක්කේ පරිනත දේශපාලනඥයන් ඔහුට එකතුවූ තරමටයි.
-විචාරක මහතා
*/
වෙන්න පුලුවන්, ෆොන්සේකා දැන් ටිකක් තේරුන් අරන් ඇති හමුදාවෙ වගෙ ලෝ ඇන්ඩ් ඕඩර්ස් වලට දේශපාලනේදි වෑඩ කරන්න බෑ කියල. නමුත් මම මතු කරන්නෙ ඔහු දේශපාලන ගමනක් යන්න තාම වෙනස් වෙලා නෑ, ඔහු තාමත් ගොටාගෙන් මහින්දගෙන් පලිගන්න සිතුවිල්ල ඇර දැනෙන දේශපාලන දැක්මක් පෙන්නල නෑ. ගොටාගෙ ටයි එකයි, කාණු දිගෙ ඇදන් යන එකෙ ඉඳන් ලඟදි ප්‍රබාකරන්ගෙ මයිල් සමාන කිරීමෙන් පවා ඔහු පෙන්නුවෙ තාමත් ඔහු ඔහු මයි කියන එක.
ජනතාවට තුන් වේල කන්න නෑ කියන එක හෝ රජා හොරකන් කරනවා කියන එක කිය කිය යන එක දෙශපාලනව පරිනත වීමක් නෙවෙ. ඒ අතින් රන්ජන් ඔයිට වඩා දෙවල් කරා (වැඩක් නැති උනත් ).
සරලවම ෆොන්සේක තාමත් තෙරුම් අරන් නැත්තෙ, එයාව පොශිසන් කරන්න ඕනෙ කොතනටද කියල. මොකද සරල සිල්ලර ටෝක්ස් වලට සෙට් වෙච්ච උන් ටික කොහොමත් දීපු අයටම ආයි දෙනවා. කැපුවත් ඒ ඒ පාට තියන උන් කොහොමත් ඒ ඒ පාටවල් වලට. එතකොට එස්.එෆ්. ට ඉතුරු වෙන්නෙ, තාමත් එස්.එෆ්. වීරය වෙච්ච සෙට් එක සහ මොලෙ කල්පනාකරල චන්දෙ දෙන එත් අරුන් ඔක්කොම එපා වෙච්ච සෙට් එක. අන්න ඒ සෙට් එකටත් දැනෙන්න කතාකරොත් ෆොන්සේකාට දීර්ඝ කාලින පැවැත්මක් තියේවි. අර මුලින් ජෙප්පො නැග්ගෙ (හැබැයි උන් වැටුනෙත් ආසන හතලිස් ගාණක් ගත්ත චූන් එක දරා ගන්න බැරිව ). නැත්නම් ඉතින් ඔය විදියට තව ටික කාලයක් අල්ලන් ඉඳල එක්කො පැන්ශන් යන්න පුලුවන් වික්‍රමභාහු වගෙ, නැත්නම් ඉතින් දෑත් ශක්තිමත් කරන්න වෙයි කාගෙ හරි.
ප.ගෝ.
"කොමිස් කකා හරි මොනවා හරි කරනවා"
ReplyDeleteබොහෝ දෙනා හිතන්නේ / කියන්නේ ඕක. සුළුතරයක් හිතන්නේ / පතන්නේ කොමිස් නොකන රටේ හැම දෙනාටම වැඩක් කරන කරන නායකයෙක්!
//කොමිස් නොකන රටේ හැම දෙනාටම වැඩක් කරන කරන නායකයෙක්!//
Deleteඑහෙම එකෙක් මේ සම්මජ්ජාතියේ පහළ වෙන්නේ නැහැ කියල බහුතරය දන්නවා.එකයි උන් අරහෙම හිතන්නේ.
/*ෆොන්සේකා සතුටුදායක වේගයකින් පරිනාමය වෙනවා*/
ReplyDeleteමම නම් දකින්නෙ නෑ ඒ වගෙ වෙනසක් ෆොන්සේකාගෙන්.
අපි ඇත්ත කතා කරොත්, මේ රටෙ බහුතර චන්ද දායකින් නම්ම ගන්න නම් ඒකට කලාවක් තියනවා, මහින්ද ඒක හොඳට ප්‍රගුණ කරල තියෙන්නෙ, ඒ අතින් ෆොන්සේකා, රනිල් තියා අනුරටවත් හරෙන්නවත් බෑ මහින්දත් එක්ක.//රයිට්!
//නමුත් අවංකව රටක් ඉදිරියට ගෙන යෑමෙ අරමුණක් ඇති දෙශපාලනයක් ගැන කතා කොරොත්, ඒත් ෆොන්සේක ඉන්නෙ අනිත් පැත්තෙ, මහින්ද කොමිස් කකාහරි යමක් කරනවා.
ෆොන්සේක ගන බලාපොරොත්තුවක් තියා ගන්න නම්, අඩුම ගානෙ එයා ඔය ගෝටටයි මහින්දටයි තියන පලිගනීම ගැන හිතන්නෙ නැතුව බලයට එන්න වැඩපිලිවෙලක් ඇති කරගන්න ඕනෙ. දැනටනම් එස්.එෆ්. කියන්නෙ කූඩුවක් ඇතුලෙ ඉඳන් කෑගහන එකෙක් වගෙ, අර සමහර චන්ඩි ඉන්නෙ, හිටපන් මම ආවොත් දෙන්නම් බැටෙ කිය කිය ඉන්නව, හැබැයි එලියට එන විදියක් හිතන්නෙ නෑ.//
පසුගාමී ගෝත්‍රිකය කිව්වට පාඩුවත් නෑ!
/*පසුගාමී ගෝත්‍රිකය කිව්වට පාඩුවත් නෑ!*/
Deleteඅප්පා, පට්ට කින්ඩියක් වගෙ. සිරාවට, එහෙම කිව්වෙ කොමිස් කතාවටද? කූඩුවෙ කතාවටද නැත්නම් දෙකටමද?
ප.ගෝ.
මහින්ද මහත්තයගේ තියෙන එකම වැරද්ද.. කන බොන දේ අඩුවට නොදෙන එක.. අනික් එකක් ගැනවත් කිසි එකෙකුට වාද කරන්න බෑ.. ඒකනේ තියන තියන එක දිනන්නේ..
ReplyDeleteකන බොන දේ අඩුවට නොදුන්නා කියල එකෙක්වත් නොකා ඉන්නේ නැහැනේ බං.
Deleteමහින්දත් ඒක දන්නවා, ඒකනෙ චන්දෙට භය නැත්තෙ
Deleteප.ගෝ.
සරත් ෆොන්සේකාගේ ඉතිහාසය අපි දන්නේ හමුදා නිළධාරියෙක් ලෙස, නමුත් දේශපාලනයේදී ඔහු තරමක වෙනස් චරිතයක් රඟපෑවා. ඒත් සරත් ෆොන්සේකා බලයට පත්වූ කලක ඔහු මොන වගේ පාලකයෙක් වෙයිද කියලා කියන්න බැහැ. මහින්දගේ ඉතිහාසය බැලුවත්, අද වෙනකොට ඉන්න ඒකාධිපති මට්ටමේ පාලකයාව දකින්න පුළුවන් කමක් තිබ්බේ නෑ. අසීමිත බලය මිනිසුන්ව වෙනස් කරන්නේ හිතාගන්නවත් බැරි ආකාරයට. බලය සීමා කිරීම තමයි විසඳුම. ඒ සඳහා ඉදිරිපත්වෙන කෙනෙක් ඉන්නවද?
ReplyDeleteනෑ.
Deleteතනි වචනෙ උත්තරයක් දෙන්න පුලුවන් ප්රශ්ණ්යක්නෙ, මම හිතන්නෙ නෑ මෙ කල්පකෙට ලංකාවෙ එකෙක් බලය සීම කරන්න ක්‍රියා කරයි කියල. මිනිස්සු එකතු වෙලා සිස්ටම් එක වෙනස් නොකරන තාක් මේ රිම් එකේ තමයි අපෙ ගමන මචන්.
-ප.ගෝ.
සරත් ෆොන්සේකාට අවශ්‍යවෙන්නේ දේශපාලන දැනුමක් සහ ඉවක් ඇති හොඳ උපදේශකයින් කංඩායමක් සහ ඒ කංඩායමට සවන්දෙන්න ඉවසීමක්. ප්‍රජා.පක්ෂය යනු මමයි මගේ බිරිඳයි කියන සිතුවිල්ල පොඩ්ඩක් පස්සට දැමීම අනිවාර්යයි. එස්.එෆ්. අවංකයෙක් බව මගේ හැඟීමයි.
ReplyDeleteඑකක් හැර අනිත් කරුණු වලට එකඟයි, ඔහු හැඟිම් ප්‍රකාශ කරද්දි නම් අවංක බව මගෙත් විස්වාසයයි, එහෙම නැත්නම් ඔහුත් මේ නාගන්න කතා නොකිය ලස්සනට කතා ගොතන්න තිබ්බ. නමුත් දෙශපාලණිකව ඔහුවත් ඔය කවරෙක්වත් ජනතාවට අවංක නෑ, ඒ හැමෝම ඉන්නෙ තම තමන්ගෙ පරමාර්තයන් ඉටු කර ගන්න විතරයි. එකම වෙනස ඒ ඒ කාලෙට ඒ ගොල්ලන්ගෙ පරමාර්ත වෙනස් වෙන එක විතරයි, සරලව, එස්.එෆ් ගෙ දැන් තියන එකම සිහිනය මහින්දව පරද කරල ගොටගෙනුයි මහින්ද ගෙනුයි පලි ගන්න එක, ඒ වෙනුවෙන් ඔහු "අනේ පව් මේ ජනතාව", මම පිහිට වෙන්නම් කියල දෙශපාලණයට එනව.
Deleteමහින්දව ගත්තොත්, ප්‍රෙමදාස ජනදිපති ගෙ කාලෙ එයා පාද යාත්‍රා ගිහින්, ජිනීව ගිහින් ඔක්කොම කරේ තමන්ගෙ පක්ශෙ බලයට ගෙන්න උනත්, දැන් ඔහුගෙ එකම ටාර්ගට් එක පුලුවන් උපරිම බලයෙ ඉන්න නාමල් ගෙ දෙශපාලන කල වයස හරි යනකම්. මම මහින්දට චන්දෙ දුන්න, නමුත් අවංකවම ඔහු රට වෙනුවෙන් ද දෙශපාලනෙ කරන්නෙ, නෑනෙ. කවුරුත් ඔහොම තමා, එස්.එෆ් ගෙ විතරක් වෙනසක් තියෙන්න බෑ. රටටම ත්‍රස්තවාදියෙක් වෙච්ච මිනිහව එයාට ලඟදි හොඳ උනානෙ එයාගෙ පවුලට මුකුත් කරේ නැති හින්දා, එතකොට, රටෙ අනිත් ජනතා පවුල් ගැන මොකද කියන්නෙ යුද්දෙන් විනාස වෙච්ච. ඒකයි මම කියන්නෙ මේ කවුරුවත් අපිට ආදරේට නෙවෙ එන්නෙ.
-ප.ගෝ.