Thursday, January 23, 2014
මල්ශා නංගිට (නැන්ද ද මන්දා) ආදරයෙන්...
නංගි චන්දෙ ඉල්ලන්න එනව කියල මුලින් ඕප දූප සයිට් වල තිබිල තමයි දැන ගත්තේ ලඟදි පත්තරෙත් ඉන්ටවිව්ව් එකක් දාල තිබ්බනෙ. අහල තියන ප්රශ්ණ වලට දීල තියන උත්තර ටික දක්කම තේරෙනව ඔයාට කොච්චර සුදුසුකම් තියනවද කියල මේ අනිත් හාල් පාරුවන්ට වඩා. කොහොමත් පුදුම උනන්දුවක්නෙ තියෙන්නෙ ජනතාවට සේවෙ කරන්න නැද්ද මෙයා.
ඒකෙ කියල තිබ්බ හැටියට තාත්ත කරපු සේවෙ දිගටම කරගෙන යන්නනෙ හිතා ගෙන ඉන්නෙ, ඒක හොඳයි, මොකද මම හිතන්නෙ තාත්ත ඔය තමන්ටම කියල ගෙවල් දෙකක්ම ගෙඩි පිටින් තියෙද්දි ගෙවල් කුලී ගෙවනවා කියල ආණ්ඩුවෙන් ලක්ශ සුලු ගානක් ගත්ත එකෙ ඉඳන් තව ඕන්නම් පොඩියට කෝටියක් දෙකක් ගසා කන්න ඇතිනෙ වැඩිම උනොත්, එහෙම බැලුවාම කොහොමත් ඔයා ඇවිත් තාත්තගෙ සේවෙ දිගටම ගෙනියන්න හදන එක ලොකු දෙයක්. නැත්නම් මේ වෙන කොහොහෙ හරි යන එකෙක් දිනල ඌ හම්බකොරන්න පටන් ගත්තොත් එහෙම, මොකෝ ඌ හම්බ කරන ඒව ඌ ඔයාලට දෙන එකක් නෑනෙ, අනික උටත් ලමයි හිටියොත් බඩු බනිස්ම තමයි. අනික ඉතින් මේ කාලෙ හැටියට වැඩක් පලක් නොකර ඔහොම හොයන්න පුලුවන් කාටද, නැද්ද මම කියන්නෙ.
එක අතකට නංගි උඹල පරම්පරාවෙන්ම හරිම ලක් කාරයෝ, දැන් බලපන්කෝ අර ජෝ අංකල්ල, කළන් අංකල්ලා වගෙ උන් ලඟින්වත් තියන්න බැරිව මල් ගස් වටෙ දිව්ව තාත්ත පට්ට නලුවෙකුත් වෙලා, පට්ට මනාපත් අරගෙන චූන් එකෙ ඉන්න හැටි. මමත් හිතාගෙන ඉන්නෙ මේ ආත්මෙ ෆුල් පින් කරල තව්තිසාවෙ ඔෆර් එක ආවොත් ඒක රිජෙක්ට් කරල ආපහු ලංකාවෙම ඉපදෙන්න. මේක හරි සීදේවි රටක් නංගියේ.
කොහොමත් මම නිවාඩු දාගෙන හරි ඇවිත් ඔයාටයි අනිත් දූ පුත්තුන්ටයි මගෙ මනාපෙ දෙන්නම්, මොකද ආයි වෙන අලුත් එකෙක් දිනුවොත් ඉතින් ඌ මුල ඉඳලම හම්බ කරන්න පටන් ගන්නවනෙ. ඒක හින්ද මම හිතන්නෙ ඔයාල සෙට් එකම දිනන්න කියල, අපි කොහොම හරි බදු ටික ගෙවන්නම්, ඔයාල සන්තොසෙන්නම් ඒ ඇති.
පරම්පරාව ගැන කියපු හින්ද මතක් උනේ, මම ගිය සතියෙ ගියානෙ චාර්ල්ස් සීය බලන්න මහ ගෙදරට, සීය නම් කියන්නෙ මිනිස්සු අපි ඔක්කොම වඳුරන්ගෙන් ලු පැවත එන්නෙ, මම කිව්ව බොරු කියල, මම දහ අතේ දිවුරල කිව්ව චන්දෙ දෙන අපි වඳුරන්ගෙන් පැවත්ගෙන ආවට, චන්දෙ ඉල්ලන ඔයාල වගෙ පරම්පරාවල් පැවත එන්නෙ ලේ සාරය උරා බොන මැක්කන්ගෙන් කියල, කොහෙද මිනිහ තද වෙච්ච පාරට දමල ඇරියනෙ බුලත් වංගෙඩියෙන්. අනේ මොකෝ මගෙ .... කියල මම ආව අනේ.
කවුරුහරි මේවගේම ලියුමක් පෙන්නුවොත් ගනන් ගන්න එප නංගියෙ, මම නම විතරක් වෙනස් කරල තව සෙට් එකකටම මේකම යවනව. උනුත් දැන ගන්න එපෑය, නේද?
නංගි, මම නදීශ, ගයේශලාටත් (උන්ට බැනල වැඩක් නෑනෙ, උනුත් බලන්නෙ කොහෙන් හරි ගොඩ යන්නනෙ ) ටිකට් එක දෙන එක ගැන අහල උන්ගෙ ලොක්කන්ට යවන්න ලියුමක් ලියුවා, ඒක අපේ ගෙදරට අහුවෙලා මට බැන්න උබ මෙච්චර මෝඩයෙක් පුතේ, අස්සයන්ට කොල්ලු දුන්නට හරක්ට දෙන්නෙ පුන්නකුයි තනකොලයි කියල තේරෙන්නෙ නැද්ද්. ඕක ආයි අහන්න දෙයක්කද කියල, ඉතින් අරුන් තනකොලනම් අපිද හරක් කියල නිකන් සැකයක් වගෙ ආව හින්ද මම ඒක විසි කරල දැම්ම.
එහෙනම් ටේක් කෙයාර්, රින් කට් එකක් දෙන්නම් එෆ් බී එකෙන්.
- ප.ගෝ අයියා (බෑන ද? )
Subscribe to:
Post Comments (Atom)
නියමයි... පොලිටිකල් බොග දාන උන්ට මම කොහොමත් මනාපයි.. ලැබී තියෙන නිදහස් සීමාව මනාව වටහගෙන ලියන එකයි තියෙන්නේ, දිගටම. කොමෙන්ට්ස් ගැන සිත යොමු කරන්න එපා. ජයම වේවා..
ReplyDeleteසුභ අනාගතයක්..
ෂෝයි ... මං ආස ජාතියෙන් ලියන කෙනෙක් ඔයා ..දිගටම මේ වගේ ලියන්න .අපි එන්නම්
ReplyDeleteෆලොවර් ගැජට් එක දාගන්න .
ReplyDeleteමාත් කියෙව්වා.ඈ බොලේ ගෙවල් දෙකක් තියාගෙන තව කුලියත් ගන්නවද? මෙව්ව ඉතිං ආස්චරියෙට යන පාර තමයි.මාතලන් අයියගෙ සින්ඩියෙන් ආවෙ
ReplyDeleteඑකෙන්ම පට්ටය ..සුබ අනාගතයක් ...(මහින්දගේ එක නෙවෙයි මගේ එක )
ReplyDeleteබොලේ නිවන් යන්න කියල සෑසනේ මහන වෙලා ,අපිව කොන්ඩෙ පිටින් රහත් කරන්න හදන සේනා ,බලකා ,පරපුරවල් ,ගැනත් ලියපන්
ReplyDeleteසිරාවටම නියමයි
ReplyDeleteමාතලන් පෙන්නපු පාර දිගේ ආවේ පට්ටයි නේ බං ලියැවිල්ල..... ඇරපං ඇරපං මේ ලියුම හැමෝටම.
ReplyDeleteමාතලන් අයියගේ පාරෙන් ආවේ. ෆලෝ ගැජෙට් එක දාන්න..
ReplyDeleteනියමයි අපුරු ලියවිල්ල.. මාත් රිදෙන්න ලියන උන්ට ගොඩක් ආදරෙයි..
හොඳයි හොඳයි..
ReplyDeleteසුදු වෑන් එයි පරිස්සමින් :)
ලෛා් කරන ගැජට් එක දාන්න ( බ්ලොගර් එක දාන්න )
ReplyDeleteලිවිල්ල පට්ටයි බන්.අපිට මෙහෙම ලියන්න බැරි වුනත් පුළු පුළුවන් හැටියට පොලිටිකල් බොග දාන්න නම් මනාපයි.ඒත් එක එක කරුනු කාරනා හින්ද ඒව බෑ බන්.ඉතින් අපට බැරි දේ කරන උඹට අපි මනාපයි.වෙන මොනා කියන්නද
ReplyDeleteනියමයි.....
ReplyDeleteඒ වුනාට මෙයා පරදීවි...ජීවනුත් දින්නෙ යාන්තං නෙව...
ReplyDelete