Tuesday, October 1, 2013

දෙමළ ජනතාවට දෙමළ වීම නිසා...

රාජ් ගේ ප්‍රශ්ණය:
සමහරු මතුකරන වැදගත් තර්කයක් තමයි ඔය කියන විදියට දෙමළ මිනිස්සු රැවටීම වෙනුවට අවංකවම ඔවුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරිද කියන කාරණාව. හැබැයි දෙමළාට දෙමළ වීම නිසා ඇතිවූ ප්‍රශ්නයක් නෑ කියන උදවිය අහනව මොනවද ප්‍රශ්න කියල. මොකද කියන්නෙ?
---------------------------------

මචන් මගෙ මතය නම් දෙමළ ජනතාවට දෙමළ වීම පමනින් අති විශෙෂ ප්‍රශ්ණයක් වෙලා නෑ, මෙහිදී දේශ්පාලකයෝ බලෙන් දාපු ප්‍රශ්ණ නොසලකා හරින්න ඕන, මොකද ඒක වෙනම කතා කරන්න ඕනෙ. මොක්ද චෙල්වනායගම්ල සහ එකල දෙමළ ප්‍රභූ පංතිය සුද්දන්ගෙන් පස්සෙ අති විශාල බලතල ඉල්ලපු එකෙන් තමයි හැම දේශපාලන ප්‍රශ්ණයක්ම පටන් ගත්තෙ, සරලව කියනවානම්, ඊට පස්සෙ පුලු පුලුවන් එකා ඒ රත් වෙච්ච කබලෙන් රොටී පිච්චිවා මිසක්, කබල නිවන්න ට්‍රයි කරෙ නැ. 83 න් පස්සෙ නිකම්ම නිකම් කබල එලෙcට්‍රික් හොට් ප්ලෑට් එකකට මාරු උනා.

දෙමල ජනතාවගෙ මූලික ප්‍රශ්නෙ විදියට සලකන්නෙ භාශාව සමසෙ පාවිච්චි කරන්නෙ නැති කමයි, උදාහරණයකට, දකුණෙ රජයෙ ඔෆිස් එකකින් දෙමළ පාවිච්චි කරල වැඩක් කරන්න බැරි කම. (ප්‍රයිවට් අදාල නැත, මොකද එතන පුද්ගල අභිමතය බලාත්මක නිසා) නමුත් මේවා ප්‍රායොගික ප්‍රශ්ණ, මොකද බහුතරය ඉන්න භාශාව තමයි නිතැතින්ම ඉස්මතු වෙන්නෙ, යාපනේදි, මඩකලපුවෙදි සින්හලෙන් වැඩක් කරගන්න තියන හැකියාවත් එහෙමනෙ. නමුත් මේක අර කබලෙ දාල හොඳට රත් කරා.

දෙශපාලන බලතල ගත්තොත්, ඒ අය සහ එම මතයෙ ඉන්න අය කියන දේ තමයි, ඔවුන්ට තමන්ගේම පාලනයක් නැති කම. හරි දැන් ඇත්තටම එහෙම දෙයක් තියෙන්නෙ ඕනෙද රටක නීතිය හරියට තියනවානම්. අනික ඔවුන්ගෙ ජාතියෙන් පාලකයෝ බිහිවෙන්නෙ අඩුවෙන්, ඒහෙම වෙන්නෙ ජන අනුපාතය නිසා, එහෙම ඒකට තියන ප්‍රායෝගික විසඳුම එයාලට වෙනම පාලනක් දෙන එකද? එතකොට ලෝකෙ වෙනත් බහු ජාතීන් ජීවත් වෙන රටවලත් වෙනම පාලනයක් දෙනවද සුලු ජන කොඨ්ඨාශ වලට. එතකොට මධ්‍ය පාලනයක් කියන අදහසෙ තේරුමන් නෑනෙ. අනික කෑලිවලට කඩල පාලනය කරන්න අමාරු තරම් ලොකු රටක්ද?
අනික ඔය දෙමල අය උතුරෙන් පල්ලෙහා ජීවත් වෙන්නෙ නැද්හ්ඩ, බිස්නස් කරන්නෙ නැද්ද, අපිත් එක්ක ඉස්කෝලෙ ගිහින්, කැම්පස් එන්නෙ නැද්ද? ඔක්කොම වෙනවනෙ, නැමුත් සිංහල අයට යාපනෙ, මඩකලපුවෙ එහෙම ඉන්න පුලුවන්ද. මේවත් අර වගේම කොමන් ප්‍රශ්ණ තමයි, හැබැයි හරි උත්තරයක් තියනවද.

සරලව ප්‍රශ්නෙ තියෙන්නෙ මෙක අවුලපු දෙශපාල[?]කයෝ නිස. උන් තාමත් මේක අත අරින්න කැමති නෑ, එකෙක්වත් සෙකන්ඩ් වෙන්නත් කැමති නෑ.

ඊළඟට උතුරෙ ඡන්ද ප්‍රතිපලය ගත්තොත් ඒක ඔය කියන තරම් සංකීර්ණ මතයක් ප්‍රකාශ කිරීමක් නෙවෙ, ඉස්සර වතුකරය තොන්ඩමන්ට කතිරෙ ගැහුව එකේම කාබන් කොපියක්. මොකෝ තොන්ඩ මොනවා කරාටද ඒ මිනිස්සු දිගින් දිගටම ඡන්දෙ දුන්නෙ? දෙන්නම් වාලෙ දන්න, කලින් දුන්න යකාටම දෙනව අනිත් යකා නොදන්න නිසා. උතුරයි, වතුකරයයි, කැපුවත් නිල්/කොළ උන්ගෙයි අතර වෙනසක් නෑ.

නමුත් පරම සත්‍යය නම්, පාලකයෝ ජාති භෙදයකින් තොරව හැකි සෑම විටම අපිට අරිනවා.

ප.ගෝ.

1 comment:

  1. Macho, agree with your post... specially with this
    - "ප්‍රශ්නෙ තියෙන්නෙ මෙක අවුලපු දෙශපාල[?]කයෝ නිස. උන් තාමත් මේක අත අරින්න කැමති නෑ, එකෙක්වත් සෙකන්ඩ් වෙන්නත් කැමති නෑ."

    recently approved Egyptian constitution has got this clause
    "Under the constitution, political parties may not be based on "religion, race, gender or geography" (http://en.wikipedia.org/wiki/Egyptian_Constitution_of_2014)

    however, 100% agree with your universal truth part "පාලකයෝ ජාති භෙදයකින් තොරව හැකි සෑම විටම අපිට අරිනවා" !!!!


    ReplyDelete